Saturday, July 2, 2016

The Conjuring 2 (2016) with Sinhala Subtitles | සෙවනැල්ල අතරින් යලිත් දඩයමක! [සිංහල උපසිරසි සමඟ] 2 weeks ago

The Conjuring 2 (2016) with Sinhala Subtitles 







මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන් තරම් ඉක්මණට (දවස් දෙකකදි වගේ) මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කලේ මටත් කටක් ඇරල හොරර් කියල කියන්න පුළුවන් චිත්‍රපට පෙලක එක් චිත්‍රපටයකට හෝ උපසිරැසි ගන්වන්න තිබූ ඉලවත් ආශාව නිසා. ඇත්තටම මම මේක කරන්න නොඉවසිල්ලෙන් හිටියෙ. මට ලොකු කැපකිරීමක් කරන්න උණා මේක උපසිරැසි ගන්වන්න තීරණය කරද්දි. හුග කාලෙකින් උපසිරැසි නිර්මාණයකට යොමු නොවුන නිසා මගේ හැකියාව සහ දැනුම ටිකක් මොට වෙලා ගිහින්. ඒ බව තේරේවි චිත්‍රපටය නරඹද්දි. ඒ පිලිබදව මම ඔබලාගෙන් සමාව ඉල්ලනවා. ගොඩක් යෙදුම් පවා මට දෙතුන් සැරයක් නෙවේ පස් හය වතාවක් වෙනස් කරලයි අවසන් නිමැවුමට දායක කරගන්න හැකිවුණේ. ගොඩක් යෙදුම් නොගැලපෙන හා අර්ථරහිතයි කියා හිතුන නිසා ටිකක් අපිට ගැලපෙන විදිහට වෙනස් කලා. නමුත් මම කියන්න ඕන අර්ථ හානි වීම අවම කරගන්න මම පුළුවන් තරම් උත්සාහ කලා. මට චිත්‍රපයටත් බොහෝ සැරයක් බලන්න උණා මොකද සමහර යෙදුම් උචිතෝන්නතිය පරිදි වෙනස් කරන්න. නමුත් අන්තිමේදි මම  9 වන සංස්කරණයේදි ගොඩක් අනවශ්‍ය යෙදුම් අයින් කරල සරල යෙදුම් යොදාගත්තේ ගොඩක් අයට වචනවල අර්ථය නිවැරදිව වටහා ගන්න උදව්වක් විදිහට. ඒක එක් එක් පුද්ගලයා කුමනාකාරයෙන් බාරගනිවීද කියල මම දන්නෙ නෑ. නමුත් අන්තිමට මට කියන්න තියෙන්නේ මම හැකි උපරිමෙන් උපසිරැසිය නිර්මාණය කලා කියන එකයි.
සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ජේම්ස් වන් ගේ අධ්‍යකෂණයෙන් නිර්මාණය වී 2016 ජූනි 7 වෙනි දින  චීනයේදීත් 10 වන දින එක්සත් ජනපදයේදීත් ප්‍රථමවරට තිරගතවුණු මෙම චිත්‍රපටය The Conjuringචිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටයයි. මිලියන 152කට ආසන්න බොක්ස් ඔෆිස් වාර්තාවක් තබන්නට සමත්වූ මෙම චිත්‍රපටයේ සුපුරුදු ලෙසම වොරන් යුවලගේ චරිත නිරූපණය කරන්නේ පැට්‍රික් විල්සන් (එඩ්වඩ්) සහ  වේරා ෆාර්මිගා (ලොරේන්) යන නළු නිලි දෙපලයි.
මේ චිත්‍රපටිය ගැන කියනවං ඇත්තටම ත්‍රාසජනක චිත්‍රපට නරඹන අයට නං මේක බලන තුරු ඉවසිල්ලක් නැති වේවි. පලමු කථාවට තරමක් වෙනස් ලෙසයි මේ කථාව නිර්මාණය වී තිබෙන්නෙ. නමුත් ත්‍රාසජනක බවින් නම් අඩුවක් නැහැ. කථාව ඇරඹෙන්නේ වොරන් යුවල ඇම්ටිවිල් හී මිනීමැරුම් පරීක්ෂණයක නිරත වෙමින් සිටින රූප රාමු පෙලකින්. මේකෙදි ලොරේන් තම සිරුරින් නික්මිලා තමා මේ  වැඩේ කරන්නේ. ඇය මෙතනදි ගොඩක් දේ වලට මුහුණ දෙනවා. ඒවගේම එයා කෙනෙක්ගෙ මරණය පිලබදව යම් පෙර නිමිත්තක් දකිනවා. මේ අතරෙදියි එන්ගලන්තයෙන් වාර්තා වෙන්නෙ ඇම්ටිවිල් සිදුවීමට සමාන සිදුවීමක්. නමුත් එය ආරම්භක අවධියේ තිබුණ නිසා ජීවිත හානියක් වෙලා තිබුනේ නැහැ. එන්ගලන්තයේ එන්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ 11 හැවැරිදි ජැනට් හඩ්සන් තමා අමනුෂ්‍ය බලවේගයට ගොදුරු වෙලා හිටියේ. පියගෙන් වෙන්ව ජීවත් වන පවුලක බාල ගැහැණු දරුවා තමා ඇය. මුලින් ගොඩක් කරදර තිබුණෙ නැතත් එන්න එන්නම කරදර වැඩිවෙන්න පටන් ගන්නවා. ජැනට්ගෙන් අසාමාන්‍ය චර්‍යා රටා පෙන්නුම් කරනවා. මේ අවස්ථාවෙයි වොරන් යුවල මොවුන් වෙත එන්නේ. ජැනට් මේ වන විටත් මානසිකව ඇද වැටිල. ඇත්තටම ඇයට යමෙක් ආවේශ වෙලාවත්ද? නමුත් ආවේශ වූ කෙනෙක්ට තිබිය හැක්කේ එක රැවක් පමණයි. නමුත් රූප කිහිපයක්? මේ ඉන්නෙ යක්ෂයෙක් නෙවේද?. පල්ලියේ සොයුරියක් ලෙසට ඇදගෙන සිටින ඇතැම් විට දෘෂ්‍යමාන වන භයානක රූ ධාරියා කාන්තාවක්ද? පිරිමියෙක්ද?. ඒවගේම මේ නිවසේ හොල්මන් කරන මහල්ලා කවුද? ඔහුට මේ පවුල හා ඇති හතුරුකම මොකද්ද?
මේ සියල්ලටම පිළිතුරුයි, කථාවේ රසයට බාධා වෙතැයි කියා සැගවූ බොහෝ  රසවත් සිදුවීමුයි හරිහැටි දැනගන්න අපිත් එක්ක එකතුවෙලා මේ චිත්‍රපටිය අනිවාර්‍යෙයන් නරඹන්න.
තවත් නිර්මාණයක් රැගෙන එනතුරු ඔබ සැමට ජයවේවා!!!  


                                

No comments:

Post a Comment