
මුඛයේ හත් සීයකට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා වන බව එම පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි ඔවුන් තවදුරටත් කියා සිටින්නේ.
එම සමීක්ෂණ වාර්තා පළ කර තිඛෙන්නේ ‘මයික්‍රෝ බයෝම්’ නමැති සඟරාවේයි.
බැක්ටීරියා රෝග චිකිත්සාවක්
පළමු පියවර ලෙස පරීක්ෂණයට ලක් කළ යුවල, තත්පර දහයකට සීමා කළ සිප ගැනීමට පෙර සහ පසු ඛේට සාම්පල විද්‍යාඥයින් විසින් අධීක්ෂණයට ලක් කොට තිබේ.
ඉන් පසු යුවළෙන් එක් පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි බැක්ටීරියා අඩංගු දියරයක් පානය කිරීමට සලස්වා ඔවුන් සිප ගැනීමෙන් පසු යළිත් ඛේට සාම්පල පරීක්ෂාවට ලක් කොට තිබේ.
දියරය පානය නොකළ පුද්ගලයාට එම සිප ගැනීමට පසු මිලියන අසූවක් බැක්ටීරියා ඔහුගේ ශරීරගතව ඇති බවයි ඉහත කී පරීක්ෂණයෙන් තහවුරු වී තිඛෙන්නේ.
විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි පරීක්ෂණ මගින් අනාගතයේ දී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කිරීම තුලින් බැක්ටීරියා කාරක රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදා කර ගත හැකි බවයි.
No comments:
Post a Comment